සාහිත්‍ය සම්මාන සහ සාහිත්‍ය කලාව

සාහිත්‍ය සම්මාන සහ සාහිත්‍ය කලාව

සාහිත්‍ය සම්මාන සහ සාහිත්‍ය කලාව
( ප්‍රවීණ ලේඛක අනුරසිරි හෙට්ටිගේ )

No automatic alt text available.

2018 වසරේ රජත පුස්තක සම්මාන උත්සවය පැවැත්වුයේ 2017 වසරේ ප්‍රකාශිත කාව්‍ය, කෙටිකතා, යොවුන් නවකතා ශානරයන් එල්ලයේය. මෙහිදි නිර්දේශ කෘති අතර යොවුන් නවකතා ශානරය කෙරෙහි සාහිත්‍යය උනන්දුවන් අතර ඒ හැටි අවධානයක් නොතිබුණද කෙටිකතා සහ කාව්‍ය නිර්දේශ සම්බන්ධයෙන් බරපතළ අවධානයක් යොමුව තිබිණ.

දැන් ප්‍රතිඵල ඔබ කවුරුත් දන්නෙහිය.

එහිදි කෙටිකතාව විෂයයෙහි මහාචාර්ය අමරකීර්ති සහ සුමුදු නිරාගි සෙනෙවිරත්න අතර දෝලනයක් ඇති බව බොහෝ දෙනා කීවද මගේ කියවීම වූයේ සුදර්ශන සමරවීර ඒ දෙදෙනාම පරදවමින් සිය පළමු අවස්ථාවේදීම වඩාත් සාර්ථක නිර්මාණ ශක්‍යතාව පළ කර ඇති බවයි. සුනෙත් කාන්තගේ ශෝකාන්තය සිංහල කෙටිකතාවේ අගනා මැදිහත්වීමක් බව කියමි. මහාචාර්ය කුලතිලක කුමාරසිංහලා තවමත් කතන්දර පසුපස යද්දි සුදර්ශනලා කෙටි කතාව ඉදිරියට ඇද ගෙන යන බව දන්නේ පාඨකයාය.. කෙටිකතාවට ලැදි පාඨකයාය. ජයග්‍රහණය ලැබුවේ සුමුදු නිරාගි සෙනෙවිරත්නය.. ඇයට සුබ පතමි. ඇය සිය පළමු ප්‍රයත්නයේදීම විශේෂයක් කළ නිසාවෙනි. නමුත් සුදර්ශනගේ නව භාවිතය ගැන ඇය අවධානය යොමු කිරීම මැනවි.

ඊළගට වූයේ කවියයි.. එහිදී රත්න ශ්‍රී, ආරියවංශ රණවීර සහ සුනිල් විජේසිරිවර්ධන යන බහුශ්‍රැතයින් පරදවමින් ළහිරු කිතලගම තරුණ කවියා සම්මානය දිනා ගත්තේය.

මේ සම්මානය ලාංකික සම්මාන වංශ කථාවේ නිර්භීතම සම්මාන අනුමැතිය බව මම සලකමි.මන්ද කවියන්ගේ නාම නොව ඔවුන් විසින් ඉදිරිපත් කර තිබූ කවියේ ස්වභාවය සලකා මෙම සම්මානයට නිර්නායකයක් අනුමත කිරීමය.. රණවීර සහ රත්න ශ්‍රී ගේ කවිය ගැන ගැටලුවක් නැත. ඔවුන් ජීවමාන මහා කවියන්ය. ඔවුන්ගේ කාව්‍ය ඉතිහාසය බලවත්ය. නමුත් සම්මානය සඳහා ඉදිරිපත් කෙරුනු නිර්මාණය ඇසුරේ සලකා බැලූ විට කවිය තුළ ඔවුන් ගොඩ නැංවූ සිය අතීත ප්‍රතිභාව මිස නව කාව්‍ය මාර්ගයක් ගැන ආධුනිකයාට ආදර්ශයක් සැපයීද? අතීතය මිස නව සමාජ කියවීම ගැන කිසි ආදර්ශයක් මෙතැන් සිට ඉදිරියට යන ආධුනිකයාට සැපයීද? මේ ගැන උත්තරීතර සම්මාන මණ්ඩලය සලකන්නට ඇත.

මේ තීන්දුව සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නගින සිත් ඇති බව මම දනිමි. එය ඒ භූමියේදි ම ප්‍රකාශ වනු ඇසුවෙමි. නමුත් ටිකක් සිතන්න.. ළහිරු කිතලගම මේ සම්මානය ලබන්නේ ඔහුගේ හිතවතුන්ගෙන් නොවේ. කල්ලියකින් නොවේ..පුද්ගලිකව ඔහු ගැන නොදන්නා ඔහුගේ කවිය පමණක් කියවන ප්‍රබුද්ධයින්ගෙනි.. මේ තීන්දුවට එකඟ වුණත් නැතත් ඔබ දන්නා පරිදි ඩබ්. ඒ අබේසිංහ පමුඛ මණ්ඩලයක් මගිනි මේ සම්මානය අනුමත කරන්නේ. එය කිතලගම තරුණ කවියාගේ සම්මානයට ලැබෙන මහා ගෞරවයකි.

සම්මානය අමතක කර නිර්මාණය ගැන බලන්න.. ළහිරු කිතලගම සිංහල කවිියේ මේ මොහොත, මේ මොහොතේ භාෂා භාවිතය, සහ රූපක ඇසුරෙන් තමාගේ කාව්‍ය භාවිතය සකස් කර ගත් හැටි ගැන කිසිම බලපෑමකින් තොරව ඉහළට එසැවී ආ හැටි.. ඔහුගේ කවිය තුළ අපට පෙර කවියන් හෝ බටහිර කාව්‍ය ව්‍යාපාරයේ සෙවණැලි නොපෙනෙයි. කවුළු ඇස පාමුල//හි ඇත්තේ කිතලගම නම් තරුණ කවියාගේ හෘදය ස්පන්දනයයි. සිතන්න.. මෙය ආධුනික කවිියන්ට දුන් මනා අත්වැලක් නොවේද? ආධුනික ඔබ නිර්මාණයට අවංක වන්නේ නම් ජයග්‍රහණය නියත බව කිතලගම සාධකය අපට පසක් කරයි.

එනිසා ඔබට හැකිය දැන් ඔබේ කවිය තුළින් කිසිදු ප්‍රවීණ කවියතු මතු නොවන නිදහස් ආකාරයෙන් තමාගේ කාව්‍ය කලාව පවත්වා ගැනීමට..
මගේ නිගමනය වන්නේ 2018 රජත පුස්තක සම්මානය නව සාහිිත්‍ය පෙරහැරකට නිසි මඟ පෙන්වීමක් බවයි.. ඔබේ කවිිය තුළින් ඔබේ අනන්‍යාව පළ කරන්න.. කිතලගම කළේ එයයි.. ඔහු කිසිදු ප්‍රවීණයකුගේ පැටියකු නොවීය.. ඔහු කිතලගම ම විය.. ඔබත් එසේ ලියන්න.. ඔබත් ඔබේ ශක්තියේ සෙවණැල්ලට මුවා වෙන්න.. ජය නියත ය.

ඉතිං එය තිබුණාවේ..

කිතලේ.. මේ ළබැදි සෙනෙහස නුඹටය.. නුඹ ජාතක කළ 89 අරගලයේදී අතුරුදහන්වූ නුඹ පියාටය..

මේ සියලු බාධක මැද්දේ මගේ පුතා රකිමියි සිතා දිවි දැරූ ඒ මෑණියන්හටය..

නුඹ මේ ලැබූ ජය නුඹ පරපුරේ ස්වාධීන කවියන් ලැබූ අගනා ජයකි..

සුබ ගමන් පුතේ..

නයනසෙන වන්නිනායක
Submit your review
1
2
3
4
5
Submit
     
Cancel

Create your own review

සාහිත්‍ය සම්මාන සහ සාහිත්‍ය කලාව
Average rating:  
 0 reviews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *